2026-07-07
mediahumanrights.lk
NewsPolitical

මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..

පොහොර ප්‍රශ්නය නිසා තමන් රාත්‍රී හතෙන් පසු මළ ගෙවල්වල යාම නතර කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

පවතින දේශපාලන තත්වය තුල ආණ්ඩුවට එරෙහිව එල්ල වන මහජන චෝදනා තමන් ඇසෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

එනිසා රාත්‍රියේ මළගෙදරකට ගියහොත් පොහොර ප්‍රශ්නය ජනතාව බීලා බනින බවත් ඔවුන්ගෙන් බැනුම් අහන්නට වන බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

රසායන පොහොර සමග වගා කරන්නට පුරුදු වී සිටින ජනතාව ක්‍ෂණිකව වෙනස් කළ නොහැකි බවද කී ඔහු ආණ්ඩුව කළේ සරම මහන්නට පෙර කලිසම ගැලවීම වැනි කටයුත්තක් බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ දී පැවති වැඩසටහනක් ඉන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

Related posts

දරුවන් තුන්දෙනාට වස පොවා පියාත් වස බොයි

Shiran Viraj

වයඹට ජලය – මොරගහකන්ද දෙවන අදියර හෙට ආරම්භ කරනවා – ජනපති

Shiran Viraj

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයි

Shiran Viraj
Translate »