28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

නීති විරෝධී ආහාර තොග ගබඩා රට පුරා වටලන්නයි පොලිසියට, දිසාපතිලාට නියෝගයක්..

හදිසි අවස්ථා යටතේ අත්‍යවශ්‍ය ආහාර සැපයුම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා වෙතින් පොලිස්පතිවරයාට, සියලුම දිසාපතිවරුන් ට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ආහාර කොමසාරිස්වරයා වෙත ලිඛිත නියෝගයක් කර තිබේ.

එමගින් දන්වා ඇත්තේ නිත්‍යානුකූල නොවන ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග රැස් කරන්නන්ගෙන් එම තොග රජයේ අනුමත මිලට මිලදී ගෙන ජනතාවට සාධාරණ මිලට ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ඒ සඳහා වන මැදිහත්වීම සිදු කර තමන් වෙත වාර්තා කරන ලෙස ද ඉන් නියෝග කර තිබේ.

Related posts

රටම සේනාට බිලිවෙද්දි කෙසෙල් වගාවටත් ආ අලුත්ම දළඹුවා මෙන්න

Shiran Viraj

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සා.පෙළ අවසන් වන තෙක් අනුගමනය කළ යුතු නියෝග මෙන්න

Shiran Viraj

නිවේදිකාවක් හා නිෂ්පාදකයෙක් පැහැරගෙන නිරුවත්කර පිංතූර අරං

Shiran Viraj