2026-09-25
mediahumanrights.lk
NewsPolitical

රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්න

රට තුළ සංචරණ සීමා ලිහිල් කර තිබුණද කොරෝනා වසංගතය හෝ ඩෙල්ටා ප්‍රභේදයේ අවදානමක් නැතැයි කිසිවෙකු වැරදි වැටහීමක් ඇති කර නොගත යුතු බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ඇති රාජ්‍ය සේවය අඛණ්ඩව ක්‍රමානුකූලව කරගෙන යාමට බවත් එය කොරෝනා වසංගතය පාලනය වීමක් යැයි වැරදි වැටහීමක් කිසිවකු ඇති කර ගත යුතු නැති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව විශාල අවදානමක සිටිනා බවත් සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ජනතාවගේ පහසුව සඳහා බවත් ඔහු පෙන්වා දෙයි.

සීමා ලිහිල් කිරීමෙන් අනිසි ප්‍රයෝජන නොගන්නා ලෙසත් එසේ කළහොත් තව සති දෙක තුනක් ඇතුලත විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔහු කියා සිටියේය.

Related posts

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

Shiran Viraj

ඉක්වදෝරයට ඩොලර් මිලියන 643 ක ආධාර මුදලක්

Shiran Viraj

අර්ජුන් සමඟ දුරකථන සංවාද කළ කෝප් සාමාජිකයින් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Shiran Viraj
Translate »