27.2 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

ඇ‌මෙරිකාවෙන් ලැබුණු MCC තෑග්ග කොල්ලකෑමට ලක්වුණා..- ඇමරිකා තානාපති

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ එම්සීසී (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්-MCC) වැඩසටහන ත්‍යාගයක් බවත් එම යහපත් සංවර්ධන වැඩසටහනින් ප්‍රයෝජන ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට තිබූ අවස්ථාව කොල්ලකෑමට ලක්වූ බවත් කොළඹ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කරන ලද්දේ ‘දෙරණ’ රූපවාහිනියේ විකාශය වූ ‘හයිඩ් පාර්ක්’ නමැති වැඩසටහනට එක්වෙමිනි. තානාපතිනිය එම්සීසී ගිවිසුම පිළිබඳව එහිදී මෙසේද අදහස් පළකළාය.

“එය තෑග්ගක් විය. එය ණයක් නොව ප්‍රදානයක් විය. තවද එය පැමිණෙන්නේ ඇමරිකානු ජනතාවගෙනි. එය අපේ අනෙකුත් සංවර්ධන ප්‍රදානයන් වැනි දෙයක්. එබැවින් යහපත් සංවර්ධන වැඩසටහනකින් ප්‍රයෝජන ලබා ගැනීමට තිබූ මෙම අවස්ථාව යම් ආකාරයකින් ලාංකික ජනතාවගෙන් කොල්ලකෑමට ලක්වීම කනගාටුවට කරුණකි.

මෙය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ සිට රජයේ (ශ්‍රී ලංකා) විවිධ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ලබාදුන් වැඩසටහනක්. එය ආර්ථික වර්ධනයට ඇති තීරණාත්මක බාධක මගහරවා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අතර එම නිසා ප්‍රවාහන, යටිතල පහසුකම්වලට උදව් කිරීම සහ ඉඩම් මිලදී ගැනීම් සහ හිමිකාරීත්වයන් ඩිජිටල්කරණය කිරීමට උපකාර කිරීමක්.”

– aruna

Related posts

ප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

Shiran Viraj

බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග යළිත් සාකච්ඡා කරයි

Shiran Viraj

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Shiran Viraj
Translate »