mediahumanrights.lk
Local NewsNews

ඇෆ්ගනිස්තානයෙන් එන්න ලාංකිකයන් පිරිසක් බෑ කියති.. තලේබාන්ලා යටතේ ඉන්න බව දන්වති..

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු කැමැත්ත පළ කර තිබේ.

එරට බලය තලෙයිබාන් කැරලිකරුවන් විසින් අල්ලා ගැනීමෙන් පසු එහි සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින අවස්ථාවේදී ඔවුන් විසින් මේ බව දැනුම් දී ඇත.

දැනටමත් ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයන් 86 දෙනා අතරින් 40 දෙනකු ඉවත් කර ගෙන තිබේ.

එමෙන්ම තවත් 20 දෙනෙකු මෙරටට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ අමාත්‍යංශය කියා සිටියි.

නමුත් සෙසු 20 දෙනා එහි තවදුරටත් තලේබාන් පාලනය යටතේ රැඳී සිටින බව දන්වා ඇත.

Related posts

“මුහුද දැන් පාරටත් උඩින් ගලනවා”- මුහුද ගොඩ ගලයි – ප්‍රදේශයේ ජනතාව භීතියට

Shiran Viraj

රජය පොහොර ආනයනයෙන් ඉවත් වේ.. සියළුම පොහොර ආනයන පුද්ගලික වෙලදුන්ට..

Shiran Viraj

සෙල්ලම් කරන්න අත පය වාරු නැති පුංචි දියණියක් ගැන දුක හිතෙන කථාවක් – Photos

Shiran Viraj
Translate »