27.2 C
Colombo
2026-09-15
mediahumanrights.lk
BusinessBusiness NewsNews

අර්තාපල් තොග මිල 260යි.. පොහොර නැතිව අස්වැන්න අඩුයි…

නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය (24) දින තොග වෙලදාම සදහා විවෘත කල බවත්, ඇතැම් එලවළු තොග ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබිමේ විශාල අඩුවක් පවතින බව නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට කැරට් තොග විශාල ප්‍රමාණයක් ලැබුණු බවත්, කැරට් රු 80-90 අතර මිලට අලෙවි වු බවත්, ආර්ථික මධ්‍යස්ථානයට ලික්ස් තොග ලැබිමේ විශාල අඩුවක් පැවති බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අර්තාපල් තොග ලැබිමේ අඩුවක් පැවති නිසා නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ (24) දින අර්තාපල් රු  240-260 කට අලෙවි වු බවයි ආර්ථික මධ්‍යස්ථාන ලේකම්වරයා කියා සිටියේ.

රසායනික පොහොර ආනයනය නතර කිරිම හමුවේ නුවරඑලිය එලවළු ගොවින්ගේ අස්වැන්නේ විශාල අඩුවක් පවතින නිසා  මෙසේ එලවළු තොග ලැබිමේ අඩුවක් පවතින බවත්,එවන් තත්ත්වයක් මත නුවරඑලිය අර්තාපල් මිල ඉහල ගොස් ඇති බවද අරුණ ශාන්ත මහතා පැවසිය.

නුවරඑලිය ප්‍රදේශයේ අර්තාපල් වගා කරන ගොවින්ගෙන් අප කල විමසුමකට එම ගොවින් කියා සිටියේ මේ දිනවල අර්තාපල් අස්වැන්න නෙලිම සිදු කරන බවත්, එම අස්වැන්න 1/3 වශයෙන් ලැබිම නිසා වෙලදපොලේ ඉල්ලුමට සරිලන අර්තාපල් තොග ලබාදිමට නොහැකි තත්ත්වයක් උදා වි ඇති බවයි.

රසායනික පොහොර භාවිතය තහනම් කිරිම නිසා ඵලදාව අඩුවි ඇති බවත්, රසායනික පොහොර භාවිතයේදි අස්වැන්න 1/10 වශයෙන් ලබාගත් බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

මට දුමින්ද සිල්වා එක්ක හැප්පෙන එක මහ දෙයක් නොවෙයි

Shiran Viraj

මහවැලි සංවර්ධනය ගැන කියන්න ජනාධිපති වෙන්කර ගත් මිලියන 200 ගියේ කොතැනටද..

Shiran Viraj

උමාරා ජාතියෙන්ම සමාව අයදී…

Shiran Viraj
Translate »