2026-09-17
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා මෘතදේහ ආදාහනයට රටපුරා ආදාහනාගාර 240ක් සූදානම් කරයි.. ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයාගේ මෘත දේහ ආදාහනයේ දී ඔවුන්ගේ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඒ සඳහා මුදල් අය නොකරන ලෙස පළාත් පාලන ආයතන වලට වැය වන මුදල් රජය මගින් පියවර ලබාදීමට පියවර ගන්නා බවත් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේය.

පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.

දේහ ආදාහනය සදහා ආදාහනාගාරවලට අවශ්‍ය ගෑස් ඉතා ඉක්මනින් නොමිලේ ලබාදීමටද රජය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

අද වන විට රටපුරා සක්‍රිය මට්ටමේ ආදාහනාගාර 240 ක ට වැඩි ප්‍රමාණයක් ඇති නිසා අර්බුදයකින් තොරව කොරෝනා මෘතදේහ ආදාහනය කිරීමේ හැකියාව ඇති බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.18,670 views

Related posts

තවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..

Shiran Viraj

සියලු පාර්ශව සමග සාකච්ඡා කර සයිටම් ගැන සාධාරණ විසඳුමක්‌ ලබා දෙනවා – ජනපති කියයි

Shiran Viraj

පාසල් අද ඇරඹෙයි – පළමු ශ්‍රේණියේ පන්ති ඇරඹීම ගැනත් දැනුම්දෙයි

Shiran Viraj
Translate »