29 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

උප්පැන්න, විවාහ සහ මරණ සහතික Online…

උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් නිකුත් මාර්ගගත ක්‍රමයට  පවත්වාගන යාම ආරම්බකර තිබේ .පවතින  වසංගත තත්වය හමුවේ බාධාවකින් තොරව කාර්යක්ෂමව,කඩිනම්ව හා අඛණ්ඩව උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත් කිරීම සදහා  වැඩිදියුණු කරමින් පැවති මාර්ගගත (Online) ක්‍රමවේදය කඩිනමින් ජනගත කිරීමට තීරණය කරන ලදබව රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි .

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව  මෙය ක්‍රියාවට නගාතිබේ . www.rgd.gov.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පහසුකම් ලබාගතහැකියි. මෙම සේවාව මහජනතාවට හදුන්වාදීමක්  චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය  2 වැනිදා  වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ.

මෙම ආරම්බක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ  නියෝජිතායතනයේ  සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා සඳහන් කළේ, ජංගම දුරකථනයකින් හෝ ලැප්ටොප් උපාංගයකින් මහජනතාවට මෙම සේවාව ලබා ගැනීමට හැකිවන අතර  ඒ සදහා ඉතා  සරල (OTP )සත්‍යාපන ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ඇති බවයි.    අදාළ තොරතුරු   ඇතුළත් කර උප්පැන්න සහතිකය, විවාහ සහතිකය හෝ මරණ සහතිකය ලබාගැනීම සදහා හදුන්වාදී ඇති මෙම ක්‍රමයේ ප්‍රයෝජන මහජනතාව ලබාගනු ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකෂකරනලදී .’ ”සේවාව ලබා ගැනීම සඳහා වීසා හෝ මාස්ටර් කාඩ් මඟින් ගෙවිම කල හැකිය .අවශ්‍ය  සහතික  තැපැල් මඟින් කඩිනමින් ලබාදීමට හෝ  හෝ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්  ලබා ගැනීමට පහසුව සලසා ඇත.අවශ්‍ය විස්තර www.rgd.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර  ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල  පත්කර ඇති අතිරේක  දිස්ත්‍රික් රෙජිස්ත්‍රර්වරුන්  ගෙන්ද විස්තර ලබා ගතහැකියී . ඔවුන්ගේ දුරකථන අංක  උක්ත වෙබ් අඩවියෙන් ලබාගත හැකියී .

– ICTA

Related posts

වදුරෙක් විසින් පැහැර ගෙන ගිය බිළිදාගේ සිරුර ළිදකින් හමුවෙයි

Shiran Viraj

සයිටම් ගැටලුව සාකච්ඡා කර විසඳන්න ආණ්ඩුව සූදානම්

Shiran Viraj

වායුගෝලයේ කැළඹිලි සොභාවයක් – වැසි තත්වයේ වර්ධනයක්

Shiran Viraj