mediahumanrights.lk
Local NewsNewsPolitical

Tharunaya → Sinhala News →sinhala-news → 2017-06-20 08:45:00 ඩෙංගු මර්දනය බැක්ටීරියාවේ ප්‍රතිඵල ලැබෙන්නේ සිවු වසරකින් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා බැක්ටීරියාවක් යොදා ගැණුනද එහි ප්‍රතිඵල අපේක්ෂා කිරීමට තවත් වසර 03ක් හෝ 04ක් ගතවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරිමෙන් පමණක් කඩිනමින්  රෝග ව්‍යාප්තිය පාලනය කළ හැකි බවයි.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු බැක්ටීරියාවක් යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉකුත් දා ප්‍රකාශ කළා.
කෙසේවෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජයමුණි සඳහන් කළේ ඩෙංගු රෝගයෙන් සිදු වන මරණ ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා නව එන්නතක් අත්හදා බලමින් සිටින බවයි.

(under the courtesy of nethfm news web)

Related posts

මහජනතාවට තවත් වගකීමක් පැවරෙයි – වගකීම පැහැර හැරිය හොත් පීඩාව තමන්ටමයි

Shiran Viraj

මාලිමාව මැතිවරණයෙන් -34%ක කඩා වැටීමක.. නාමල් 174%ක්, සජිත් 14%ක් උඩට…

Shiran Viraj

රුපියල් 10,000 කට අලෙවි කිරීමට සොරා ගත් ත්‍රීරෝද රථය-CCTV දර්ශන සහිතයි

Shiran Viraj
Translate »