32.2 C
Colombo
2026-09-29
mediahumanrights.lk
Local NewsNews

සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..

සමාජයේ අහඹු ලෙස තෝරාගන්නා ලද නියැදිවලින් ලබාගන්නා ජීව සාම්පල වල ප්‍රතිඵල ඉදිරි දිනක කිහිපයේදී ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට ලැබෙන වාර්තා එම පරීක්ෂණ වාර්තා අනුව සමාජයෙන් නොයෙකුත් ආකාරයෙන් වෛරසය පැතිරී ඇති බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

එනිසා ඉදිරි දින කිහිපය දැඩි තීරණ ගැනීමේ කාල සීමාවක් වනු ඇතැයිද ඒ මහතා පැවැසීය.

සංචරන සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව ජනතාව සෞඛ්‍ය උපදෙස් කිසිවක් නොතකමින් හැසිරෙන බව පෙනී යන බවද පවසන ඒ මහතා බොහෝ ප්‍රදේශවල ජනතාව සංචාරය කරමින් අවදානම් ලෙස හැසිරෙමින් ඇතැයිද කියා සිටියේය.

ඉදිරි දින කිහිපයේදී ද මේ ආකාරයෙන් පැවතුණහොත් එළඹෙන සති දෙකෙන් පසු නැවතත් දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට රට පත්වනු ඇතැයි ද ඒ මහතා පැවැසීය.

එනිසා මෙම කාල සීමාව ඉතා වගකීමෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කීය.

දැනට හදුනාගන්නා රෝගීන්ගේ අඩුවක් පෙනෙන්නේ සැබෑ ලෙසම රෝගීන් අඩුවීමක් නොව පලමු පෙල ආශ‍්‍රිතයන් සදහා සිදු කරන පරීක්‍ෂණ ප‍්‍රමානවත් නොවීම නිසා යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

Related posts

ඉන්දීය රුපියල් භාවිතයට පුද්ගලික බස් හිමියන් අනුමැතිය ඉල්ලයි…

Shiran Viraj

ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ…

Shiran Viraj

පරීක්ෂණ වලින් පසු අවතැන්වූවන් නැවත පදිංචි කරීම් ආරම්භ කරයි

Shiran Viraj
Translate »