mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටු ලේකම්ගේ ලිපියට අගමැති ප‍්‍රතිචාර දක්වයි..

ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව වගකීම භාරගෙන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි.

අද දිනපතා පුවත්පතක් විසින් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කර ඇත්තේ ඕනෑම අයෙකුට අදහස් දැක්වීමට අයිතියක් ඇති නිසා එය ප්‍රශ්නයක් බවට පත්කර නොගත යුතු බවයි.

මේ මොහොතේ ඉන්ධන මිල ඉහල දමුවේ වෙනත් විකල්පයක් නැති නිසා යිය ද පවසන අමාත්‍යවරයා මෙරට ජනතාවට මුහුණ දෙන තත්ත්වය ගැන තමා හොඳින් දන්නා බවද පැවසීය.

කෙසේ වෙතත් මෙය තාවකාලික පියවරක් බවත් ලෝක ඉන්ධන මිල පහළ ගිය වහාම ශ්‍රී ලංකාවේද ඉන්ධන මිල පහත දමන බවත් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන මිල ඉහල නොදමා පවත්වාගෙන ආ බවත් එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම අසීරු වීම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවු බවත් අගමැතිවරයා තවදුරටත් පුවත්පත වෙත සඳහන් කර තිබේ.

Related posts

ජනාධිපති ගමට නොගොස් ගැමියන් කොළඹ කැඳවනවානම් කැලෑ ටික බේරාගත හැකියයි ජනතාව කියනවා.. රටේ ප‍්‍රශ්න විසදන්න අවශ්‍ය කොළඹ සිට විවේක බුද්ධියෙන් කල්පනා කිරීම පමණයි..

Shiran Viraj

ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමි

Shiran Viraj

සැත්කම් කාමරයක ගැබිනි කාන්තාවකගේ උදරය කපා වෛද්‍යවරු දෙපළක් රණ්ඩු වෙයි- දරුවාත් මියයයි

Shiran Viraj
Translate »