mediahumanrights.lk
BusinessBusiness NewsNews

ලංකාව නයිජීරියාවෙන් ණය ගන්න සූදානමක…?

ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තෙල් සංස්ථාව ඩොලර් බිලියන 2 ක ණය මුදලක් ගෙවීමට ඇතැයි විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

එම ණය ගෙවීම වෙනුවෙන් විදේශයකින් ණය මුදලක් (Unsolicited bid) ලබාගැනීමට සංස්ථාව බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු පවසයි.

මෙතනින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව නයිජීරියාව වැනි රටකින් ණය ගැනීමේ තත්වයකට තල්ලු වී යාමක් යයිද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව නයිජීරියානු සමාගමට ලබා දී ඇතැයිද කී ඔහු ඒ අනුව ශ‍්‍රී ලංකාව ණය ගැනීමට යන්නේද නයිජීරියාව වැනි රටකින්දැයි සැක ඇතැයිද සදහන් කලේය.

ශ‍්‍රි ලංකාවේ ඉතිහාසයේ කෙදිනකවත් මෙවන් තැනකට පත්ව නැතැයිද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

බැක්සයිඩ් CD සමග හිරුණිකා ජාත්‍යන්තරයට යයි..

Shiran Viraj

රටේ සියළුම පුද්ගලයන්ට කොරෝනා පරීක්‍ෂණ කිරීමට රජය තීරණය කරයි..

Shiran Viraj

ඉදිරි වසර තුනම IMF.. අපේ අයවැයක් ගේන්නේ 2029දී..- චතුරංග

Shiran Viraj
Translate »