30.1 C
Colombo
2026-08-11
mediahumanrights.lk
Local NewsNews

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගල මරණ, පවුල් ‍රැසක් අවතැන්

නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමඟම දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ‍රැසක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. අධික වැසි හේතුවෙන් නිල්වලා ගඟ, ගිංගඟ, කළුගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් සහ දැදුරු ඔයේ සහ තබ්බෝව ජලාශයේ වාන් දොර‍ටු විවෘත කිරීමෙන් මෙම ගංවතුර තත්ත්වයන් ඇති වුණා.කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, කොළොන්නාව, ශ්‍රී ජයවර් ධනපුර, මහරගම, හංවැල්ල, පූගොඩ යන ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර කැලණිය, කිරිබත්ගොඩ පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ ‍රැසක් ද ජලයෙන් යටවී තිබෙනවා. 

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන පහත් බිම් ‍රැසක් ජලයෙන් යට වී ඇති අතර ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් ද හිනිදුම, තවලම, නෙළුව අවට පහත් බිම් ජලයෙන් යටවී ඇති බව සඳහන්. 

එසේම කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් ඉංගිරිය, හොරණ, බුලත්සිංහල, අගලවත්ත, මදුරාවල, මිල්ලනිය හා පාලින්දනුවර පහත්බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් ඇති වී  තිබෙන අතර අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා ගම්පහ නගරය ඇතුළු ප්‍රදේශ ‍රැසක් ජලයෙන් යට වී තිබෙනවා. 

ගංවතුර තත්ත්වයන් නිසා ප්‍රදේශ ‍රැසල පවුල් 31,303කට අයත් පුද්ගලයින් 130,672 ක් අවතැන් වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

අධික වර්ෂාව හේතුවෙන් 

  • රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රදේශයේ කන්දක් නාය යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 
  • ජලපහරට හසුවීමෙන් තවත් දෙදෙනෙකු අතුරුදහන් වී තිබෙනවා. 
  • මාදම්පේ, මුගුණුවටවන ප්‍රදේශයේ තරුණයෙකු දියපහරට හසු වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 
  • මහවැව කලුපිටි ඔයේ පැති බැම්ම ගිලා බැසීම හේතුවෙන් ජල පහරට හසු වී අවුරුදු 10ක පිරිමි දරුවෙකු ද
  • මාරවිල විලපාර ප්‍රදේශයේ ජල පහරට හසු වී අවුරුදු 14ක පිරිමි දරුවෙකු ද අතුරුදහන් වී තිබෙනවා. 

එසේම කුලියාපිටිය, කුරුණෑගල, හොරණ, මතුගම, දඹුල්ල, අකු‍රැස්ස, නාරම්මල සහ කෑගල්ල යන ප්‍රදේශවල විදුලිය බිඳවැටී ඇති අතර විදුලි පාරිභෝගිකයින් 44,000කට පමණ විදුලි සැපයුම විසන්ධි වී තිබෙනවා.

Related posts

විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ඩොලර් ප‍්‍රමාණය හොදටම අඩු කරති…

Shiran Viraj

නිදහස් දිනය සැමට පොදු අවස්ථාවක් බවත් බෙදුම්වාදී දේශපාලන මත පසෙක ලිය යුතු බවත් රජය පවසයි

Shiran Viraj

වැටුප ගන්නේ නැතැයි කී ට්‍රම්ප් වැටුප ලබාගෙන සඟවයි

Shiran Viraj
Translate »