26.1 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

සංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍ර

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා තම මැතිවරණය ප්‍රදේශවල ජනතාවට සංචරණ සීමා පනවා ඇති අවස්ථාවලදී ගමන් බිමන් යාමට තම අත්සන යොදා අවසරපත් නිකුත් කර තිබේ.

එසේ අවසර පත් ලබා ගත් පුද්ගලයන් පසුගිය දිනවල දිස්ත‍්‍රික් සීමාද ඉක්මවමින් ගමන් කල අවස්ථා හදුනාගෙන ඇත.

ඔහු විසින් මෙසේ අවසර පත්‍ර ලබා දී ඇති අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන අවසරපත්‍ර ලෙසිනි.

කෙසේ නමුත් සංචරණ සීමා පනවා ඇති අවස්ථාවල අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කිරීමේ අවසර පත්‍ර නිකුත් කිරීමේ බලය හිමි වන්නේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පමණි.

මෙම මන්ත්‍රීවරයා රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පසුගියදා කොළඹ වරාය නගර පනත් කෙටුම්පතෙහි ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

Shiran Viraj

රෝහල් රැසකම ශල්‍ය උපකරණ හිඟයක්.. සැත්කම්වලට බාධා…

Shiran Viraj

සරසවි සිසුන් 31කට පන්ති තහනම් කරයි…

Shiran Viraj
Translate »