mediahumanrights.lk
Local NewsNews

රෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…

දඹුල්ල හා අවට කොරොනා ව්‍යාප්තිය ඉහලට යෑමත් සමග දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලේ දෛනික මරණ ඉහල යෑමන් රොහලේ ගැටලු රැසක් ඇතිවී ඇති ඇති අතර එයට පිලියමක් ලෙසින් දඹුල්ල මහ නගර සභාවෙන් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලට තාවකාලික මෘත ශරිරාගාරයක් ඉදිකිරිමට කටයුතු සුදානම් කර ඇත.

දඹුල්ල නගරාධිපතිවරයා සිය බලධාරින් සමග සාකච්චාවක්ද පවත්වා ඇත. ඒඅනුව කොරෙනා වැලදි මිය යන රොගි මල සිරුරු හා ෙසසු මල සිරුරු වෙන් වෙන්ව තැබිමට මෙසේ හදිසියේ මෘතශරිරාගාරයක් ඉදිකරන බව පවසයි.

දඹුල්ල පොලිස් බල ප්‍රදේශය පසුගිය අප්‍රේල් 30 වෙනිදා සිට මේ දක්වාම හුදකලා ප්‍රදේශ බවට පත්කර අතර දඹුල්ල ආර්ථිකය පසුගිය 26 වෙනිදා සිට වසා දැමු අතර පසුව දැඩි කොන්දේසි මත මේ මස 5වෙනිදා නැවැත විවෘත කරන ලදි.

දඹුල්ල නගර සීමාවෙන් දෛනිකව විශාල රෝගින් පිරිසක් හමු වන අතර ඔවුන්ව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෙහලේ ඇතිකල වකුගඩු ඒකකය භික්ෂු වාට්ටුව හා දැඩ්සත්කාර ඒකකවල ඇතිකර ඇති කොරොනා ප්‍රථිකාර ඒකකවල ප්‍රථිකාර ලබති.

දින දින හමුවන රොගින් ප්‍රමාණය ඉහල යන අතර මේවන විට දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ පදිංචි කරුවන් 404ක් හා දඹුල්ල ප්‍රදේශිය බල ප්‍රදේශයෙන් රෝගින් 200ක් සොයාගෙන ඇතග

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රොහලින් අනුරාධපුර දිසාවේ කැකිරාව ගල්කිරියාගම මඩාටුගම පොලොන්නරුව දිසාවේ බකමුණ, හබරණ ප්‍රදේස්වල ජනතාවත් මාතලේ දිසාවේ ගලේවෙල පල්ලේපොල, නාවුල, ලග්ගල, ප්‍රදේශවල ජනතාව ප්‍රථිකර සදහා පැමිනෙති. එය මාතලේ දිසාවේ මධ්‍යම පලාත් සභාව සතු ප්‍රධාන පෙලේ රොහලකි.

රොහල් ධාරිතාව වැඩි කරන්න පසුගිය වසර කිපය පුරාම විවිධ උත්සහයන් ගත්තද එය ඉටු නොවු අතර පසුගිය රජය සමයේ ජර්මන් ආධාර යටතේ අංග සම්පුර්ණ රොහලක් සැදිමට දඹුල්ල රාජමහා විහාරයෙන් ඉඩමක් ලබා දන්නද මෙතෙක් එය ඉටු වි නැත.

Related posts

පාර්ලිමේන්තුවේ බහුතරය අපට නෑ..අයවැය සම්මත කිරීම ගැටළුවක්-මරික්කාර්

Shiran Viraj

කපල්වල ෆොටෝ ගහන මුවාවෙන් අපේ රටේ කොල්ලෙක් කරපු අමුතු වැඩක් බුකිය රත් කරයි – වීඩියෝ

Shiran Viraj

සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..

Shiran Viraj
Translate »