28.4 C
Colombo
2026-09-19
mediahumanrights.lk
Local NewsNews

20 වන සංශෝධනයේ ගැසට් පත්‍රය නිකුත් වේ – පළාත් සභා 03ක ඡන්දයත් කල් යයි

සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් වී තිබෙනවා.
ඒ අනුව ඔක්තෝම්බරයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ පළාත් සභා 03ක මැතිවරණ ද කල් යනු ඇති.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ලෙසින් ජුලි 28 වන දා ප්‍රකාශයට පත් කර ඇති මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ අගෝස්තු 03 වන දාතමින්.
ඒ අනුව සියලුම පළාත් සභාවල නියෝජිතයන් එකම දිනයකදී තෝරා ගැනීමට යෝජනා කර ඇති අතර, අදාළ දිනය පාර්ලිමේන්තුව මගින් තීරණය කරනු ලබන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
සියලුම පළාත් සභා එකම දිනයකදී විසුරුවා හැරීම ද මේ අනුව සිදුවනවා.
එම දිනය අවසන් වරට ව්‍යවස්ථාපිත පළාත් සභාවේ කාලසීමාව නිම වන දිනය නොඉක්මවිය යුතු බවයි අදාළ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.
පළාත් සභා විසුරුවීමට අදාළ වගන්තියක් ද එම ගැසට් පත්‍රයේ දක්වා ඇති අතර, සියලුම පළාත් සභා විසුරුවා හැරෙන දිනයට ප්‍රථම නිල කාලය අවසන් වන පළාත් සභාවල එම නිළ කාලය අදාළ දිනය දක්වා දීර්ඝ කෙරෙනු ඇති.
එම පළාත් සභා අදාළ දිනයේදී විසුරුවා හැරීම හෝ ඒවායේ නිළ කාලයය අදාළ දිනය දක්වා දීර්ඝ කිරීමටයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයෙන් යෝජනා කර ඇත්තේ.
නිළ කාලසීමාව අවසන් වන සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා සඳහා නාම යෝජනා කැදවීම ලබන ඔක්තෝම්බර් 2 වන දා ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මීට පෙර ප්‍රකාශ කළේ.
ඒ අනුව ලබන ජනවාරි මාසයට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්විය හැකි බව ඔහු සඳහන් කළා.
කෙසේ නමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සමඟ එම පළාත් සභාවල මැතිවරණ ද එකම දිනයකදී පැවැත්වීමට සිදුවන නිසා එම මැතිවරණ කල් යනු ඇති.
(under the courtesy of hirunews news web)

Related posts

අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…

Shiran Viraj

ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..

Shiran Viraj

සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා- සමාජජාලයෙන් රතු එළියක්!

Shiran Viraj
Translate »