2026-09-23
mediahumanrights.lk
NewsPolitical

රජවාස ජනපති අතින් විවෘත කරයි…

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත “State Trust Center” (රජවාස) වෙළෙඳ සංකීර්ණය 11 පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කෙරිණ.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය පුළුල් කර “රජවාස” වෙළෙඳ සංකීර්ණය ඉදි කර ඇත.

එය රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන 78කින් සමන්විතය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාර රාජ්‍ය ව්‍යවසායකයන්ගේ හා දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මක භාණ්ඩ හා සේවා එක වහලක් යටදී සපයා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව උදා කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.

දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන භාණ්ඩ වෙළෙඳ සැල්වලට සැපයීමේ අවස්ථාව සැලසීම ද නව වැඩපිළිවෙළට අයත්ය.

සමරු ඵලකය නිරාවරණය කරමින් වෙළෙඳ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා වෙළෙඳ සැල් වෙත යමින් නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් සමග අදහස් හුවමාරු කර ගත්තේය.

බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ යන අමාත්‍යවරු, ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

තාක්ෂණයේ නැවුම් පෙරළියක්..!! දුර ඉඳන් ආදරය කරන අයට ජංගම දුරකතනයෙන් හාදු දෙන අලුත්ම තාක්ෂණය නිකුත් වේ..!!

Shiran Viraj

මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ…- ජනපති

Shiran Viraj

කොරෝනා ව්‍යාප්තිය නිසා ගැටළුවලට මුහුණපා සිටින ලාංකික ශ්‍රමිකයින් ගැන රජයේ අවධානය

Shiran Viraj
Translate »