28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටුව අගමැතිටත් උඩින් යයි.. කොරෝනා මෘතදේහ භූමදානයට දෙන බව නොකී බව කියයි..

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියාය.

අැය එහිදී පැවසූයේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ භූමදානය කිරීමට අවස්ථාව ලබාදෙන බව මිස කොරෝනා මෘතදේහ භූමදානය ට අවසර ලබාදෙන බවක් අගමැතිවරයා නොකී බවයි.

කොරෝනා මෘතදේහ භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම ගැන තීරණය කරන්නේ සෞඛ්‍ය බලධාරීන් බවත් ඔවුන්ගේ නිර්දේශ පිළි ගැනීමට රජය කටයුතු කරන බව ද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විමසා සිටියේ කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දෙන්නේද නැද්ද යන්න වන අතර අග්‍රාමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ භූමදානයට අවසරය දෙන බවයි.

Related posts

උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..

Shiran Viraj

ගම්මාන 05ක් වසා දැමේ.. සියළු පිවිසුම් මාර්ග අවහිර කරයි..

Shiran Viraj

අමුතු සතෙක් සමාජ ජාල කලඹයි – Photos

Shiran Viraj
Translate »