mediahumanrights.lk
Local NewsNews

පුංචි ලෝකාන්තය නැරැඹීමට ගොස් අතුරුදහන්වූ තරුණයාගේ සිරුර අඩි 200ක් පහළ ප්‍රපාතයෙන් සොයා ගැනේ (PHOTO)

පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන්ව සිටි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණ ශිල්පියාගේ දේහය සොයා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

යුද හමුදාවේ විශේෂ බලකායේ නිලධාරීන් අද අලුයම රැෆ්ලීන් කඹ ආධාරයෙන් අද පෙරවරුවේ පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට බැස අතුරුදහන් වූ මෙම පුද්ගලයා සෙවීමේ මෙහෙයුමක නිරත වුවා. එහිදී ප්‍රපාතයේ ගලක් මත රැඳී තිබියදී අදාළ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනීමට හැකිවූ බවයි යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය ඉරිදා වෛද්‍යවරුන් 06 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සමග පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් සිටියදී දිනුර විජේසුන්දර නම් වූ මෙම තරුණයා අතුරුදහන් වී තිබුණා. දැඩි සිතල නිසා වාහනයට යන බව පවසා රාත්‍රී කාලයේදී කුඩාරමේ සිට මෙම තරුණයා පිටත්ව ගොස් තිබු බවයි හෙළිවී තිබුණේ.

දැඩි මිදුම් සහිත කාලගුණය මධ්‍යයේ යුද හමුදාව විසින් අඩි 200ක් ගැඹුරු ප්‍රපාතයට බැස මෙම සොයා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

Related posts

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසියේ වැසේ

Shiran Viraj

IMF තෙවන සමාලෝචනය සිකුරාදා අවසන්..

Shiran Viraj

ඉස්සර කිලිනොච්චියේ කාන්තාවන්ට හොඳ ගෞරවයක් වගේම නිදහසක් තිබුණා.

Shiran Viraj
Translate »