31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

කොරොනා එන්නත ජනතාවට දීම ලගදීම

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මෙරට ජනතාවට ලබා දීමේ වැඩසටහනේ පලමු අදියර මෙම සතියේ අවසන් කිරීමට නියමිත බව වාර්තාවනවා. මෙම කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ වුයේ ඉකුත් මස 29වනදායි. වසංගත රෝග විද්‍යා අංශය දත්තවලට අනුව මෙම වැඩසටහන යටත් ඊයේ දිනය වන විට පුද්ගලයින් 161,773 දෙනෙකුට එන්නත් ලබා දි අවසන් කර තිබුණා. 

වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සඳහන් කළේ කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව හඳුනාගත් වැඩි අවදානම් කණ්ඩායම් වෙත එන්නත් ලබා දිමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිත බවයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීමෙන් අනතුරුව වැඩි අවදානම් පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 09ක් මිලදී ගැනීමට රජය සූදානම් බවයි.

Related posts

ශ‍්‍රී ලංකාවේ උදවුවට චීනය නොඑයි..- විදෙස් මාධ්‍ය

Shiran Viraj

සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…

Shiran Viraj

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය සූදානම්! ඒකාබද්ධ විපක්ෂයටත් ඇරයුම්

Shiran Viraj
Translate »