mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොරෝනා මර්දන එන්නත් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 50 ක් වෙන් කෙරේ

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තවත් මිලියන 9 ක් ගෙන්වීම සදහා මුදල් අමාත්‍යාංශය අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන්කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස් ආර් ආටිගල නෙත් නිවුස් වෙත කියා සිටියේ, මේ වනවිට අදාළ එන්නත් මාත්‍රා මිලදී ගැනීම සදහා අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතින බවයි.

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඒ සදහා කටයුතු සම්පාදනය වූ පසු එම එන්නත් මාත්‍රා දිවයිනට ගෙන්වීමට පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළා. කොරෝනා මර්දන එන්න්ත් දිවයිනට ගෙන්වීම නිසි ක්‍රමවේදයකට සිදු කරන බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය  අමල් හර්ෂ ද සිල්වා.

Related posts

යාපනයේ යටිතල පහසුකම් දියුණු කරන්න කැනඩාවෙන් ආධාර

Shiran Viraj

රනිල් ගෙනා විදුලි පනත සලකා බලන්න කැබිනට් අනුමැතිය..

Shiran Viraj

'පැරදුනහම නිදහසට කරුණු වැඩක්‌ නැහැ' සනත් ජයසූරිය

Shiran Viraj
Translate »