2026-09-16
mediahumanrights.lk
NewsSportsSports News

ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද : ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනකු කමිටුවේ සාමාජිකත්වයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින්  අද දින පත්කර තිබෙනවා.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රීඩකයෙකු වන අරවින්ද ද සිල්වා පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර පත්කර ඇත.

එම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබා දීමයි.

එමෙන්ම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීම අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කටයුත්තක් බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක තාක්ෂණික උපදේශක කමිටුව වෙතද මෙම කමිටු සාමාජිකයින්ගේ නම් යොදා ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබෙනවා.

Related posts

ආණ්ඩුව වට්ටන්න බැහැ – ජනපති

Shiran Viraj

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයි

Shiran Viraj

වත්කම් බැරකම් නීතිය සංශෝධන කෙරේ.. අලුතින් ඇතුලත් කණ්ඩ මෙන්න…

Shiran Viraj
Translate »