31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
International NewsNews

ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයි

යූ ටියුබ් සමාගම විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් චැනලය අවහිර කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින 7 ක කාලය තුළ දී වත්මන් අමෙරිකානු ජනාධිපතිවරයාට සිය යූ ටියුබ් චැනලය හරහා කිසිදු වීඩියෝ පටයක් හෝ සජීවී විකාශයක් ප‍්‍රචාරය කල නොහැකි වනු ඇති.

එම තහනම තවදුරටත් දීර්ඝ කෙරෙනු ඇති බවටද වාර්තා පළ වනවා. ජනාධිපති ට‍්‍රම්ප්ගේ ෆේස්බුක් ගිණුම ද මේ වනවිට අත්හිටුවා ඇති අතර නිල ට්විටර් ගිණුම ස්ථිරවම තහනම් කර අවසන්. ජනාධිපති ට‍්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් මෙලෙස තහනම් කිරීමට හේතුවූයේ ඉකුත්දා අමෙරිකාවේ පැවැති මහජන විරෝධතා හා ඒ සදහා පාක්ෂිකයින් පොලඹවන බවට ජනාධිපතිවරයාට එල්ල වූ චෝදනායි.

මේ අතර ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සදහා අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. එම යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය හා ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි. 

Related posts

”අපේ රටේ ඉංග්‍රීසි ගීත ජනප්‍රිය වෙනවා අඩුයි” – හොලිවුඩ් නිර්මාණයකට දායක වූ සචිනි අයේන්ද්‍රා කියයි

Shiran Viraj

රටහැර යන පෝලිම්… ආණ්ඩුවට වගේවගක් නෑ…

Shiran Viraj

මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

Shiran Viraj
Translate »