mediahumanrights.lk
Local NewsNews

කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරයි..

කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන ලද එක කමිටුවක් විසින් නිර්දේශ කර තිබේ.

මෙසේ නිර්දේශ ලබා දී ඇත්තේ රජය විසින් පත්කරන ලද දෙවන කමිටුව විසිනි.

අදාල වාර්තාව සෞඛ්‍ය ඇමතිනියට බාර දුන්නද ඇය එය බාර නොගෙන කමිටු දෙක එකට මුණගස්වා අවසන් තීරණයක් ගන්නා ලෙස දැනුම් දී තිබින.

කෙසේ නමුත් කොරෝනා මෘත දේහ ආදාහන පමණක් සිදු කරන්නැයි නිර්දේශ දුන් පෙර කමිටුව තව දුරටත් එම ස්ථාවරයේ සිටීම හේතුවෙන් අවසන් එකගතාවයකින් තොරව ඊයේ එම සාකච්චා අවසන් වී ඇත.

රජයේ ප‍්‍රකාශකයෙක්ද මෙම තොරතුරු තහවුරු කලේය.

Related posts

කසළ වලින් විදුලිය නිෂ්පාදනය කරන්න රජයේ අවධානය

Shiran Viraj

රත්නපුර රෝහලේ ප‍්‍රතිකාර ගත් අයෙකුට කොරෝනා.. පවුල් 15ක් නිරෝධායනයට.

Shiran Viraj

"ජනමත විචාරණයක් නැතිව 20 බෑ"- ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව මෙන්න

Shiran Viraj
Translate »