28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

UNHRCට වෛද්‍ය දැනුම නෑ.. කොරෝනා මෘත දේහ දිගටම පුච්චනවා..

කොරෝනා මල සිරුරු භූමදානය කරන ලෙස ශ්‍රී ලංකාවට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වෛද්‍ය දැනුම පිළිබඳ ගැටළුවක් ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කරුණු නිවැරදි නොවන බව ද පවසන ඔහු චීනයේ එක් ප්‍රාන්තයක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ආදාහන ක්‍රියාදාමය බවද පැවසීය.

එනිසා ලංකාවේ තීරණය ජාතිවාදී බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කරයි.

එම මෘත දේහය ආදාහනය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ඇති බවත් එම තීරණය මේ වනතෙක් කිසිම වෙනසක් නැති බවත් ඔහු කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයද දැනුම් දී ඇත්තේ භූමදාන හෝ ආදානය කළ හැකි බවත් රටක අනන්‍යතාවය අනුව වෙනස් කළ හැකි බවත් යැයි ද පැවසූ ඔහු ඒ අනුව ශ්‍රී ලංකාවේ බලධාරියා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බවත් ඔවුනගේ නිර්දේශ මත ක්‍රියාත්මක වන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඔහු බව කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේ දී අදහස් පළ කරමිනි.

Related posts

මේ ආණ්ඩුවට හෙණ ගහනවා.. මේක මහ මෝඩ ආණ්ඩුවක්..- රතන හිමි

Shiran Viraj

අයවැය ඉහලින්ම සම්මතයි…

Shiran Viraj

බංකොලොත් වීමෙන් අගතියට පත් හැමෝටම සහන..

Shiran Viraj