27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

බේබි ෆාම්” ක්‍රමයට ළදරුවන් විකිණූ සැකකරු රිමාන්ඩ්

ගැබිනි මව්වරුන් යම්කිසි ගිවිසුමකට ඇතුළත් කර ඔවුන්ගේ දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් කර ගෙන ගිය පසුගියදා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලුබූ සැකකරු ඊයේ (4) වැනිදා නැවත මොරටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් දමින්ද රාමනායක මහතා නියෝග කළේය.

දරුවන් මුදලට විකුණන ජාවාරමක් පවත්වාගෙන යන බවටත්, රත්මලාන දහම් මාවත ප්‍රදේශයේ දරුවන් ලබාදෙන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම පිළිබඳව පසුගියදා (22) වැනිදා 47 හැවිරිදි මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී සැකකරු වෙත දැඩි කොන්දේසි පනවමින් අධිකරණය මගින් ඇප ලබා දීම සිදු කළ අතර ඊයේ නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.ඇප මත නිදහස්ව සිටි සැකකරු ඒ අනුව අද නැවත අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් පසු තම ආයතන පරිශ්‍රයට ඇතුළු වී ඇප කොන්දේසි කඩකර ඇති බව ළමා හා කාන්තා කාර්යාංශගේ නිලධාරීහු අධිකරණය හමුවේ කියා සිටියහ.

ඒ අනුව ලබන (18) වැනිදා නඩුව නැවත කැඳවීමටත් වැඩිදුර විමර්ශන වාර්තාවක් සමග බන්ධනාගාරයට සියලු විස්තර ලබා දීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර ළමා හා කාන්තා කාර්යාංශය සහ ගල්කිස්ස පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි

sri lankamirror

Related posts

ගෝටාභය ජනාධිපතිවරණයට සූදානම් යයි කීම ගැන සතුටු වෙනවා..- බැසිල් කියයි..

Shiran Viraj

කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද සිට වෙනස් වෙයි

Shiran Viraj

දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ..

Shiran Viraj
Translate »