26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු වීමෙන් පසු ඇති වූ බහින් බස් වීමකින් පුද්ගලයෙකුට පහර දුන් බවට එල්ල වන චෝදනා මතයි.

මන්ත්‍රී පුත්‍රයාගේ මෝටර් රථය මහරගම නගරයේ දී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදු වී ඇත.

අනතුරුව දෙපාර්ශ්වය අතර සිදුවූ බහින් බස් වීමකින් පසු මෙම පහරදීම සිදු කර තර්ජනය කර ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇත.

අනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නැත.

Related posts

පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?

Shiran Viraj

මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ- ජනපති යලිත් කියයි..

Shiran Viraj

දකුණු කොරියානු හිටපු ජනපතිනියගෙන් පැය 14 ක් ප‍්‍රශ්න කෙරේ

Shiran Viraj
Translate »