2026-09-04
mediahumanrights.lk
Local NewsNews

සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තවදුරටත් ආදාහනය කෙරෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොවිඞ් – 19 මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් වෙනසක් සිදු වී තිබේද යන්න පිළිබඳව විමසූ අවස්ථාවේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

‘‘කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයකුගේ මෘත දේහ තවදුරටත් ආදාහනය කෙරෙනවා. ගැසට් නිවේදනයට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙන් අනුව ඒ කටයුතු තවදුරටත් සිදුවෙනවා. මේකේ වෙනසක් කරනවා නම් සෞඛ්‍ය ඇමැතිතුමිය තමයි එයට මැදිහත් වෙලා එම ආදාහනය කිරීමට අදාළ ගැසට් එක සංශෝධනය කරන්න ඕනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද ඒ ඒ රටවල්වලට දැනුම් දීලා තියෙන්නේ තම රටට ගැළපෙන ක‍්‍රමවේදයක් සකස් කරගෙන කොවිඞ් 19 මරණවලට අදාළ අවසන් කටයුතු සිදුකරන්න කියලයි. ඒ අනුව කොවිඞ් 19 වෛරසයෙන් මියගිය කෙනෙකුගේ අවසන් කටයුතු තවදුරටත් ආදාහනය කරනවා.

Related posts

රණවිරු සැමරුම් උත්සවය දා රථ වාහන සැලැස්ම මෙන්න

Shiran Viraj

පෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?

Shiran Viraj

උඩුවේ හිමිට අද අධිකරණය දුන්න හා නොදුන්න අවසරය මෙන්න

Shiran Viraj
Translate »