mediahumanrights.lk
NewsSportsSports News

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට පෙර ඔහුගේ සෙහොයුරා වන, ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොරෝනා වෛසරය ආසාදනය වී තිබුණා. නිලූක කරුණාරත්න, නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ තමන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුවන බවයි.

සිය සොහොයුරා වන චාමික කරුණාරත්න ද මේවනවිට කොග්ගල පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර සිටින බව ද ඔහු සදහන් කළා. සොහොයුරා සහ තමන් මෑතකදී එකිනෙකා හමු නොවූ බවයි නිලූක කරුණාරත්න නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය මේවනවිට ක්‍රියාත්මකයි. දිවා ආහාරය තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුළු 06 ක් දැවී ලකුණු 66 ක් රැස්කර ගෙන සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකා පිළ, එංගලන්තයට වඩා ලකුණු 103 ක් ඉදිරියෙන් සිටිනවා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 381 කට පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 344 ක් රැස්කළා. 

Related posts

ආණ්ඩුවේ අවසානය ඩලස්ගේ පෑනෙන් ලියා දන්වයි.. අගමැතිට ඉවත්වන්න අන්තිම අවස්ථාව දෙයි..

Shiran Viraj

කොරියාවේ සෘතුමය රැකියා: ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නව මං

Shiran Viraj

මදූෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුගේ නිවස වටලයි – නිවසේ තිබී ප්‍රධාන කොල්ලයක සාක්ෂිත් හමුවෙලා

Shiran Viraj
Translate »