26.7 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරයි..

කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන ලද එක කමිටුවක් විසින් නිර්දේශ කර තිබේ.

මෙසේ නිර්දේශ ලබා දී ඇත්තේ රජය විසින් පත්කරන ලද දෙවන කමිටුව විසිනි.

අදාල වාර්තාව සෞඛ්‍ය ඇමතිනියට බාර දුන්නද ඇය එය බාර නොගෙන කමිටු දෙක එකට මුණගස්වා අවසන් තීරණයක් ගන්නා ලෙස දැනුම් දී තිබින.

කෙසේ නමුත් කොරෝනා මෘත දේහ ආදාහන පමණක් සිදු කරන්නැයි නිර්දේශ දුන් පෙර කමිටුව තව දුරටත් එම ස්ථාවරයේ සිටීම හේතුවෙන් අවසන් එකගතාවයකින් තොරව ඊයේ එම සාකච්චා අවසන් වී ඇත.

රජයේ ප‍්‍රකාශකයෙක්ද මෙම තොරතුරු තහවුරු කලේය.

Related posts

දේව පුජාවෙන් උගුළට හසු වෙලා

Shiran Viraj

පාස්කු ප‍්‍රහාරය වැනි අන්තවාදී ප‍්‍රහාර එල්ල කිරිමේ අනතුරක්..- ජනපතිට ලිඛිතව දැනුම් දෙයි..

Shiran Viraj

රට කිරිපිටිවල ඌරුතෙල් නෑ..ආරක්‍ෂිතයි..ප‍්‍රමිතිගතයි.. නියමයි-සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

Shiran Viraj
Translate »