28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

“ඔබතුමා ආරක්ෂා කරගැනීම පරම යුතුකමක්“ – අගමැතිතුමන්ට සෙත්පතා තෙසැත්තෑ ඥාණ පූජාවක්

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ (28) රාත්‍රියේ පැවැත්විණි. 

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි මෙම තෙසැත්තෑ ඥාණ පූජාව පැවැත්වූහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයන් හා බැතිමතුන් පිරිසක් මෙම ආශිර්වාදාත්මක වැඩසටහන හා එක්වූහ. නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වහන්සේ මෙහිදී තෙසැත්තෑ ඥාණ පූජාවේ නිමිත්ත පැහැදිලි කළහ. 

මේ රටේ පහල වූ ජන නායකයන් අතර එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා හැරුනම යන යන තැනට ජන ගඟක් ගලන්නෙ අපේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාටයි. එය අතිශෝක්තියක් නෙමෙයි. කාටවත් ඒක නෑ කියන්න බැහැ. එදා ඉදන් ජන හදවත්වල ජීවත්වුණ ජන නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා. ජේ.ආර්.ජයවර්ධන මහත්මයාගේ කාලේ අභයාරාමයට බෝම්බ ගැහුවා. හැබැයි ජේ.ආර් ජයවර්ධන මැතිතුමා හයෙන් පහක බලයක් ගත්තෙත් මෙතෙන්ට ඇවිත් පළවෙනි පහන මෙතන තියලයි. එතුමා ජය ගත්තෙ මෙතනින්.හැබැයි බෝම්බ ගහපු වෙලාවේ කිසිම ජන නායකයෙක් මෙතෙන්ට ආවේ නැහැ. පොලිසිය ආවෙත් නැහැ. නමුත් එවකට මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මැතිතුමා පිජාම සරමක් ඇදගෙන එවලෙම මෙතනට ආවා. ඇවිල්ලා මොකද හාමුදුරුවනේ වුණේ කියලා ඇහුවා. ජනතාවට කරදරයක් වු අවස්ථාවල මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා අවංක ජන නායකයෙකු ලෙස කටයුතු කළා. මේ රටේ හැම ජනතාවම ඒක දන්නවා. මිනිස්සුන්ගෙ විශ්වාසය තියෙන්නෙ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟයි. ඒ නිසා ඔබතුමා ආරක්ෂා කරගැනීම කෘතවේදී මහා සංඝරත්නය සහ ජනතාවගේ පරම යුතුකමක් යැයි අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ. 

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි එහිදී අනුශාසනාවක් කළහ.මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන ගුණපාල රත්නසේකර, ප්‍රේමනාත් සී දොලවත්ත,ගෙවිදු කුමාරතුංග මහත්වරු ඇතුළු බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.

noizetv

Related posts

ON Arrival VISA ඕනෑම ලාංකිකයෙකුට ඇමරිකාවට එන්න ට්‍රම්ප්ගෙන් අවසර ??

Shiran Viraj

අදත් තද වැසි

Shiran Viraj

මොන හේතුවකටත් පැරණි පාර්ලිමේන්තුව යළි එපා

Shiran Viraj
Translate »