mediahumanrights.lk
Local NewsNews

ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනාවරි 31 වනදා මධ්‍යයම රාත්‍රී 12 දක්වා වසා තැබේ!

සිවිල් ගුවන්සේවා අධිකාරිවරයා විසින් දෙසැම්බර් 19 වෙනිදා නිකුත් කළ නිවේදනයට අනුව 2021 ජනවාරි 31 දක්වා වානිජ ගුවන් යානා සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් බව ප්‍රකාශ වේ. ඒ අනුව කටුනායක සහ මත්තල යන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගුවන් තොටුපලවලට මගී ගුවන් යාම පැමිණීම තහනම් වේ. කෙසේ වුවද මීට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා පවසා සිටියේ දෙසැම්බර් 31 වනදා දක්වා පමණක් ඉහත කී තහනම බල පැවත්වෙන බවයි.

සිවිල් ගුවන් සේවා අධිකාරිවරයාගේ නිවේදනයට අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දී ඇති ගුවන් යානා වන්නේ, 1)ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන්,ශ්‍රි ලංකාවේ ගුවන් තොටුපලක් සංක්‍රමණය පිණිස භාවිතා කරන මගීන් රැගෙන යාමට පැමිණෙන ගුවන් යානා 2) හදිසි අවශ්‍යයතාවයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා 3)භාන්ඩ ප්‍රවාහනයට සහ මානුෂීය හේතු මත පැමිණෙන ගුවන් යානා 4) තාක්ෂණික හේතු මත ගොඩ බාන ගුවන් යානා 5) මගීන් රහිතව වෙනත් අවශ්‍යයතා හේතුවෙන් පැමිණෙන ගුවන් යානා වලට පමණකි.

තවද සිවිල් ගුවන්සේවා අධිකාරිවරයා විසින් සංක්‍රමනික ගුවන් මගීන් හට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපලවල උපරිම වශයෙන් පැය 12ක කාලයක් පමණක් රැඳී සිටීමට අවසර දෙනු ලැබේ.

Related posts

ඉන්දියා-චීන සබඳතාවල උණුසුම: සංචාරක වීසා නැවත ක්‍රියාත්මකයි

Shiran Viraj

එන වසර මැද ණය වාරික ඩොලර් බිලියන හයයි.. IMF ගියොත් ඩොලරය 240 සිමාවේ.. නොගියොත් 300 පනී..

Shiran Viraj

හලාවත ධීවරයෝ පොලිස් නිලධාරියෙකුට ගස් බැද පහර දෙති..

Shiran Viraj
Translate »