mediahumanrights.lk
NewsPolitical

පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ නැහැ!

පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ පවත්වනවාද නැතිද යන්න තීරණය කිරීම සඳහා ඊයේ( 28 ) පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එහිදී පළාත් සභා මේ අවස්ථාවේ නොපැවැත්වීමට තීරණය කර තිබේ.

පක්ෂ නායක රැස්වීමෙන් පසුව මාධ්‍යය ඇමතූ පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ කාරියවසම් මහතා“පළාත් සභා ක්‍රමය දැනටත් ක්‍රියාත්මක වෙනවා. එකම දේ එතැන තියෙන්නේ මහජන නියෝජිතයින් නොමැතිකම ඒක ගැන සාකච්ඡා වුණා. ඒ කෙසේ වෙතත් මේ තියෙන සෞඛ්‍ය තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීමට තියෙන හැකියාව ගැනත් කතා වුණා. මේ තියෙන තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීමට තියෙන නොහැකියාව පිළිබඳ විශේෂ අවධානයක් යොමුවුණා.” යැයි පැවසුවේය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පක්ෂ නායකයින් කිසිවකුත් පළාත් සභා සම්බන්ධයෙන් විරෝධයක් මතු කළේ නැති නමුත් විවිධ සමාජ කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් දක්වන විරෝධය සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දවමින් ” රටේ වැරදි මතයක් ගිහින් තියෙනවා මේ පළාත් සභා නැවත ගේන්න යනවා කියලා. නමුත් ඇත්තෙන්ම තියෙන තත්ත්වය තමයි මේ රටේ පළාත්සභා අදටත් තියෙනවා. එකම දේ පළාත් සභා ක්‍රියාත්මක වෙනවා නිලධාරීන් කිහිපදෙනෙක් හරහා. පරණ විදියට ප්‍රතිපාදන දෙනවා හැමදේම සිදුවෙනවා නමුත් මහජනතාවට නිසි ආකාරයෙන්සි සේවයක් සිදුකෙරෙන්නේ නෑ. එය නිලධාරීන්ට අවශ්‍ය විදියටයි කෙරෙන්නේ. මහජන නියෝජිතයෝ නොමැති නිසා. ඒ නිසා අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ රජය කටයුතු කරනවා. එයින් පස්සේ පළාත් සභා තියෙයිද නැද්ද දන්නේ නෑ. නමුත් දැනට ක්‍රියාත්මක වෙන පළාත් සභා සඳහා ඒ ක්‍රියාත්මක වෙන තෙක් ඒ මහජන නියෝජිතයින් හරහා ක්‍රියාත්මක කළ යුතුයි කියන එක ගැන සාකච්ඡා වුණා.” යැයි පවසා සිටියේය.

https://youtube.com/watch?v=1wWGx0ScJpY%3Ffeature%3Doembed

lankaleadnews

Related posts

අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්

Shiran Viraj

මහ මැතිවරණයක් ඉල්ලා සටන් කරනවා – මහින්ද

Shiran Viraj

පළාත් 3කට අදත් හවසට වැසි

Shiran Viraj
Translate »