27.8 C
Colombo
2026-09-18
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා රජය හෝ ක්‍රිකට් ආයතනය LPL සඳහා කිසිදු මුදලක් වැය කර නෑ – ඇමති නාමල්

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සදහා ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු මුදලක් වැය කර නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

LPL තරගාවලියට වැයවන සියලූ මුදල් අනුග්‍රාහකයන් මාර්ගයෙන් ලැබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම තරගාවලිය හරහා ආදායමක් ලැබෙන බවත් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

නව ක්‍රීඩා පණතක් ඉදිරි වසර තුල හදුන්වාදීමට බලාපොරොත්තු වන බවද ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

gossiplankanews

Related posts

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන ඉහළට

Shiran Viraj

නොරොච්චෝල හා කැලණිතිස්ස එකවර නවතී..

Shiran Viraj

කඩුල්ල පිටුපසින් නව වාර්තාවක් බිහිවෙයි

Shiran Viraj
Translate »