mediahumanrights.lk
Local NewsNews

ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු..

මෙම සටහන ආචාර්ය මහින්ද පතිරණ මහතා විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා තිබූ එකකි.

සිංහල බෙහෙතක් කිවූ පමණීන් බැහැර කළ යුතු නැත. බටහිර බෙහෙතක් වූ පමණීන් පිළිගත යුතු ද නැත. මේ ධාරා දෙකෙහිම ඕනෑ තරම් හොර වෙදුන් සිටින බව ප්‍රත්‍යක්ෂ වූ දෙයකි. මේ අතර බටහිර වෛද්‍යවරුන් බොහොමයක් රෝගීන්ට බෙහෙත් නියම කරන්නේ ඖෂධ සමාගම් විසින් ටයි දමාගත් Marketing Repලා අත එවන “දැනුමින්” මිස වෛද්‍ය පීඨවල ඉගෙනගත් දෙයින් නොවේ.

ඒ අනුව, පරීක්ෂා කළ යුත්තේ ඖෂධය මිස අන් කිසිවෙකු නොවේ. ආණ්ඩුව කරන්නේ ඒ දෙයයි. එය කළ යුතුම දෙයකි. හෙට බටහිර වෙදෙකු ඖෂධයක් රැගෙන පැමිණියහොත් එය ද පරීක්ෂා කරනු ඇත. ඇරත් Something is better than nothing කිව්වා වගේ අහඹුවකින් හෝ යම්කිසි බෙහෙතක් හරි ගිය හොත් එය අද්විතීය ජයග්‍රහණයක් වේ.

ලෝකයේ විවිධ වෘත්තිකයින්ට කලින් බිහි වූයේ වෘත්තීයයි. වෛද්‍ය වෘත්තිකයින් පවා බිහි වන්නේ වෙනත් විවිධ වෘත්තීන් හි නිරත වන පුද්ගලයින් විසින් යම් යම් රෝග සඳහා ඖෂධ සොයා ගැනීමෙන් පසුය. ඉනික්බිතිව අපි ඔවුන්ට “වෛද්‍යවරයා” යන නම තැබූවෙමු.

ධම්මික බණ්ඩාර නම් පුද්ගලයා ඇතැමුන් කියන ලෙස මේසන් බාස් කෙනෙකු වුව, ඔහුගේ මේ ඖෂධය හරි ගියහොත් ඔහු වෛද්‍යවරයෙකු බවට බවට පත් වේ.

මේ අතර, විවාදාපන්න කොරොනා බෙහෙතට තිබෙන විරෝධය එකී බෙහෙතට තිබෙන විරෝධයකට වඩා දේශපාලන විරෝධයක් බව පෙනේ. ඇතැමුන් ලංකාවට “කෙළවෙන” තුරු බලා සිටීමේ මානසිකත්වය මේ තුළ ද ගැබ්ව ඇත. බුරවි කුණාටුව හිතූ තරම් විනාශයක් නොකරම ගිය එක ගැන ද මේ පිරිස පසුතැවිලි වෙති.

– මහින්ද පතිරණ

lankacnews

Related posts

ගෝලීය ආහාර අර්බුදයට සූදානම් වන්න: අගමැති මහින්දගෙන් රටටම දැනුම් දීමක්

Shiran Viraj

මං කොළඹ නොවෙයි ඉන්නේ.. ඒත් චමුදිතගේ පීඩනය මං බෙදා ගන්නවා..- සජිත්

Shiran Viraj

ශ්‍රී ලංකා – කොදෙව් පළමු තරගය අද ඇරඹෙයි

Shiran Viraj
Translate »