mediahumanrights.lk
Local NewsNews

තුන්වැනි රැල්ල ආවොත් දැන්මම සූදානම් – ක්ෂේත්‍ර 55 කට මාර්ගෝපදේශ

එළැඹෙන සඳුදා (09 වැනිදා) ඇඳිරි නීතිය ඉවත් කළද කොවිඩ් ව්‍යාප්තියේ තුන්වැනි අවදානම් මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇති බැවින් ක්ෂේත්‍ර 55ක් අනුගමනය කළ යුුතු නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත.

හෙද, ප්‍රවාහනය, කුලී රථ සේවය, උපයෝගිතා සේවා, රජයේ කාර්යාල, පෞද්ගලික සේවා, සුපිරි වෙළෙඳසල්, සාප්පු සංකීර්ණ, මූල්‍ය ආයතන හා බැංකු, රෙදිපිළි වෙළෙඳසල්, කෘෂිකර්මාන්තය, ආර්ථික මධ්‍යස්ථාන, බේකරි, වීදි වෙළෙන්දන්, ජංගම වෙළෙන්දන්, ඇතුළු ක්ෂේත්‍ර 55ක් සඳහා මෙම මාර්ගෝපදේශ නිකුත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

මීටර් එක හමාරක දුරකින් එකිනෙකා ගමන් කළ හැකි ආකාරයෙන් සුපිරි වෙළෙඳසල් සහ සාප්පු සංකීර්ණ විවෘත කර තැබීමට අමාත්‍යාංශය අවසර ලබා දී ඇත. ඉදිකිරීම් ස්ථාන, පාසල්, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, උපකාරක පන්ති, ගෘහස්ථ උත්සව, එළිමහන් උත්සව, මහජන රැස්වීම්, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යානය, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද, පිහිනුම් තටාක, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ස්පා, නවාතැන් සපයන ස්ථාන තවදුරටත් වසා තැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් පළමු රැල්ල ආරම්භයේ දීද සෞඛ්‍ය මාර්ගෝපදේශන නිකුත් කළ අතර එම අවස්ථාව වන විට අවදානම් මට්ටම පළමු හා දෙවැනි අදියරවල පැවතුණි.

lankaleadews

Related posts

මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක්

Shiran Viraj

ඕනම කෙනෙකුට විදුලිය නිපදවලා ජාතික විදුලිිබල පද්දතියට එකතු කරන්න පුලුවන්

Shiran Viraj

තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්

Shiran Viraj
Translate »