31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

හොරෙන් ගෙනා කහ තොග විනාශ නොකර කන්න දෙන්න.

නීති විරෝධි අයුරින් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ භාරයට ගන්නා ලද කහ තොග විනාශ නොකර මිනිස් පරිභෝජනය සඳහා නොමිලේ බෙදා දෙන ලෙස මහජන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ඉල්ලා සිටී.

පිටරටින් කහ ගෙන්වීම රජය විසින් තහනම් කිරීමෙන් පසු නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී අත්අඩංගුවට ගෙන රේගුව භාරයේ පවතින කහ තොග අධිකරණ කටයුතු නිමා වීමෙන් පසුව රාජසන්තක කර විනාශ කරන බව ශ්‍රී ලංකා රේගුව පැවසු බව පසුගිය සමයේ මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණි.

නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසන්නේ අත්අඩංගුවට ගෙන පොලීසිය සහ රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී ඇති වියලි කහ තොගය ටොන් 30 කට වැඩි බවයි.

lankaleadnews

Related posts

ධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා.. අපට සමාවෙන්න..- ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි..

Shiran Viraj

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග

Shiran Viraj

වනාතවිල්ලුව වන විනාශයේ වගකීම භූමිය බදු ගත් සමාගම භාරගනී

Shiran Viraj
Translate »