2026-07-06
mediahumanrights.lk
Local NewsNews

පිල්ලෙයාන්ට විරුද්ද එකම සාක්‍ෂියත් ප‍්‍රතික්‍ෂෙප කලා.. දැන් සාක්‍ෂි නෑ.. තවත් හිරේ තියන් ඉන්න බෑ..- අධිකරණ ඇමති

ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2015 වසරේ දී අත් අඩංගුවට ගන්නා ලද්දේ පාපොච්චාරණයක් සාක්ෂි කරගෙන පමණක් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

නමුත් අභියාචනාධිකරණය විසින් එම පාපොච්චාරණය සාක්‍ෂියක් ලෙස බාර ගත නොහැකි බවට නඩු තීන්දුවක් ලබා දී ඇතැයිද ඒ මහතා පැවසීය.

එම පාපොච්චාරණය ප‍්‍රතික්‍ෂෙප වූ පසු පිල්ලෙයාන් මන්ත‍්‍රීවරයාට එරෙහිව කිසිදු සාක්‍ෂියක් නැතැයිද පැවසූ ඇමැතිවරයා සාක්ෂි කිසිවක් නැතිව මන්ත‍්‍රීවරයා තවදුරටත් සිරගතකර සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුවේ දී අය වැය කාරක සභා අවස්ථා විවාදයේ දී ඔහු මේ අදහස් පල කරන ලදී.

එල්ල වී ඇති මනුෂ්‍ය ඝාතන චෝදනාවක් මත ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත‍්‍රීවරයා වසර පහක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදා හැර තිබේ.

ඒ සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම පාර්ලිමේන්තුවේ දී සිදුවිය.

lankacnews

Related posts

ලෝකයේ කොරෝනා මරණ වැඩිම රට ශ‍්‍රී ලංකාව විය හැකි බව දන්වයි…

Shiran Viraj

ජනාධිපතිවරණයේදී මනාප දෙනවා නම් කතිරය බෑ..- මැ.කො.

Shiran Viraj

අකුරැස්සේ දෙදෙනෙකුට කොරෝනා.. 60ක් නිරෝධායනයට..

Shiran Viraj
Translate »