26.7 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේත් කොරෝනා අවධානමක්

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු නාරාහේන්පිට ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම ප‍්‍රදේශයේ ඉකුත් 26 වනදා සිදුකළ අහඹු පී සී ආර් පරීක්‍ෂාවකදීයි සැරයන්වරයාට වෛරසය තහවුරු වී ඇති බව අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් ඔහු අවසන් වරට සේවයට වාර්තා කර ඇත්තේ ඉකුත් 24 වනදායි. එදින ඔහු සමග රාජකාරී කළ තවත් නිලධාරියෙකු ස්වයං නිරෝධායනයට යොමුකළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට ගොස් සිටි නිලධාරියෙකුද ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

nethnews

මේ අතර බන්ධනාගාර මුලස්ථානයේ අහඹු පී සී ආර් පරීක්‍ෂණ සිදුකර තිබෙනවා. බන්ධනාගාර උසස් නිලධාරීන් පිරිසක් ද පී සීආර් පරීක්‍ෂණ සදහා යොමු කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

Related posts

විජයකලාට ඇප (UPDATE)

Shiran Viraj

උණ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම උඩුයටිකුරු වෙයි

Shiran Viraj

රස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක්

Shiran Viraj
Translate »