mediahumanrights.lk
Local News News

හොරෙන් ගෙනා කහ තොග විනාශ නොකර කන්න දෙන්න.

නීති විරෝධි අයුරින් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ භාරයට ගන්නා ලද කහ තොග විනාශ නොකර මිනිස් පරිභෝජනය සඳහා නොමිලේ බෙදා දෙන ලෙස මහජන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ඉල්ලා සිටී.

පිටරටින් කහ ගෙන්වීම රජය විසින් තහනම් කිරීමෙන් පසු නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී අත්අඩංගුවට ගෙන රේගුව භාරයේ පවතින කහ තොග අධිකරණ කටයුතු නිමා වීමෙන් පසුව රාජසන්තක කර විනාශ කරන බව ශ්‍රී ලංකා රේගුව පැවසු බව පසුගිය සමයේ මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණි.

නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසන්නේ අත්අඩංගුවට ගෙන පොලීසිය සහ රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී ඇති වියලි කහ තොගය ටොන් 30 කට වැඩි බවයි.

lankaleadnews

Related posts

දෙවන මාත්‍රාවෙන් මාස හයක් ගත වී නම් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි ආරක්ෂාව ඉතා අඩුයි…

Shiran Viraj

ජවිපෙ ගෙනා 20 සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහිවෙයි – අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවසන් තීරණය මෙන්න

Shiran Viraj

ප‍්‍රභාකරන් දෙවියෙක්..මහින්ද-ගෝටා මිනීමරුවන්, හොරුන් – ගෝටා අති විශිෂ්ඨ කතාවක් කියයි – Video

Shiran Viraj