2026-09-22
mediahumanrights.lk
NewsPolitical

ලක්‍ෂ දෙකක් මාසෙට මදි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ දීමනා තව වැඩි කරන්න..- කොරෝනා අස්සේ කිරිඇල්ල ඉල්ලයි..

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන දීමනා තවදුරටත් සංශෝධනය කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

කිරිඇල්ල මහතා පෙන්වා දී ඇත්තේ අධිකරණයේ වැටුප් ප්‍රතිශෝධවලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනාද ප්‍රතිශෝධනය කළ යුතු බවයි.

මෙම ඉල්ලීම කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී වන අතර ඉල්ලීම පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහා දැනට මාසිකව නිවාස, දුරකථන, ප්‍රවාහන, කාර්යාල සහ පැමිණීමේ දීමනා ලෙස රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් හිමිවේ.

Related posts

පන්ති යනවා කියලා කොල්ලත් එක්ක කැලේ රිංගලා – කොල්ලට ගහලා කෙල්ලව සමූහ දූෂණය කරලා

Shiran Viraj

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සමග අනාවැකියක්

Shiran Viraj

උතුරේ එලවළු මිලත් නගියි… යාපනය, කිලිනොච්චි, මුලතිව් එලවළු වගාව නැවතිලා…

Shiran Viraj
Translate »