30.6 C
Colombo
2026-08-20
mediahumanrights.lk
Local NewsNews

පොලිසියේ අලුත් පොකුරක්- අජිත් රෝහණ : නිලධාරිණියන් 235ක් නිරෝධායනයට

 “පොලීසිය ඇතුළේ තත්ත්වය ගත්තොත් පොලීසිය ඇතුළේ අලුත් පොකුරක් නිර්මාණය වුණා” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කියයි.

අද (02) උදෑසන රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.වැඩිදුරටත් මෙසේද කීය.“ඒක නිර්මාණය වුණේ රාජකාරී කරන පොලිස් නිලධාරීන්ගෙන් නෙමෙයි. විශේෂ කාර්ය බලකායේත් පොලීසිවල පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට ගිය භෝජනාගාර පාලකවරුන්ගෙන් තමයි මේක නිර්මාණය වුණේ. කෙසේ වෙතත් ඒ සියලු දෙනා නිරෝධායන කඳවුරු වෙත යොමු කරලා තියෙනවා. ස්වයං නිරෝධායනය සඳහා බැරැක්ක වෙත යොමු කරලා තියෙනවා. විශේෂ කාර්ය බලකායේ ළඟම අය නිරෝධායන කඳවුරුවලට යවලා තියෙනවා අනිත් අය කඳවුරු තුනක නිරෝධායනය වෙනවා. කැලණිය, රාජගිරිය සහ කළුබෝවිල. මේ අය අතරින් තමයි දැන් බිහිවෙන්නේ. අද උදෑසන වන විට 135ක් දක්වා ඒ සංඛ්‍යාව වර්ධනය වෙලා තියෙනවා.

බොරැල්ල පොලිසියේ ආසාදිතයින් ගණන 15 දක්වා ඉහලට.මේ අතර,බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරින් 08 දෙනෙකු Covid-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පෙරේදා දිනයේ සිදුකළ පි.සි.ආර් පරීක්ෂණ 10 න් 8 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සඳහන් වේ.ඒ අනුව බොරැල්ල පොලිස් ස්ථානයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

<p>මේ වන විට පොලිස් නිලධාරින් 130කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.කොළඹ පොලිස් නිලධාරිනියන් 235ක් නිරෝධායනයේමේ අතර, කොළඹ මලලසේකර මාවතේ කාන්තා පොලිස් භට නිවාසයේ නිලධාරිනියන් 235 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක්කර සිටිති.ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරිනියකට Covid-19 වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වීම නිසාය.ඇය රැඳී සිටි භට නිවාසය තුළ සිටි නිලධාරිනියන් නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ. 

sri lanka mirror

Related posts

සජිත් ගැන කතානායකගෙන් නිවේදනයක්..

Shiran Viraj

නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් ද්‍රවිඩ සන්ධානය ඊට වගකිව යුතුයි

Shiran Viraj

ත්‍රීවිල් ගාස්තු සංශෝධනයට රජයෙන් අවසරයක් නෑ – නියෝජ්‍ය ඇමති කියයි

Shiran Viraj
Translate »