27.8 C
Colombo
2026-10-16
mediahumanrights.lk
Local NewsNews

ප්‍රදේශ 04ක ඩ්‍රෝන මෙහෙයුම් : 95ක් අත්අඩංගුවට

හුදෙකලා කොට ඇති කොටහේන කෙසෙල්වත්ත, වත්තල සහ ජා-ඇල යන පොලිස් බලප්‍රදේශවල අද දිනයේදී දියත් කළ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් වලදී නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කළ පුද්ගලයින් 95 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදුකළ මෙම මෙහෙයුමේදී කොටහේන ප්‍රදේශයෙන් පුද්ගලයින් 29ක්, කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් පුද්ගලයින් 21ක්, වත්තල ප්‍රදේශයෙන් පුද්ගලයින් 19ක් සහ ජා-ඇල ප්‍රදේශයෙන් පුද්ගලයින් 26ක් ලෙස අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් දිගටම සිදුකරන බවත් එම ප්‍රදේශවල ජනතාව සංචරණ කටයුතු සීමා කොට නිවෙස් තුලට වී සිටිමින් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමට කටයුතු කරන්නේනම් එම ප්‍රදේශවල දැනට පනවා ඇති හුදෙකලා භාවයෙන් මුදවා හැරීම ඉක්මන් වනු ඇති බවද මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියා.

nethnews

Related posts

ට‍්‍රම්ප් – ඔබාමා දුරකතන අවුල දුරදිග යයි

Shiran Viraj

2014 න් පසු විශ්‍රාම ගිය සේවකයන් ලංවිම යළි කැඳවයි

Shiran Viraj

පිටසක්වල ජීවීන්ට පණිවිඩයක් .. ලෝකයේ අවසානය ගැන ඉගියක්

Shiran Viraj
Translate »