27.8 C
Colombo
2026-10-16
mediahumanrights.lk
NewsPolitical

දුමින්දට මරණ දඩුවම දීම දේශපාලන පලිගැනීමක්.. ජනාධිපති කොමිසමට පැමිණිල්ලක්

මරණ දඬුවමට නියම කර දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දේශපාලන පලිගැනීමට ලක් ව ඇති බව පවසමින් දේශපාලන පළිගැනීම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම කොමිසමේ පොලිස් ඒකකය වෙත මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

එමඟින් කියා ඇත්තේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කිරීම පැවති රජය සමයේ සිදුකළ බරපතළ දේශපාලන පලිගැනීමක් බවයි.

මෙම පැමිණිල්ල ඉදිරි දිනයකදී කැඳවා විමර්ශනය කිරීමට නියමිත බවද සඳහන්ය.

nethnews

Related posts

මහා කිරිපිටි වංචාවක්ද..? බදු සහන එන තෙක් කිලෝ මිලියන 4.2ක් වරායේ සගවලා.. ලෝක වෙලදපලේ කිරිපිටි මිලත් පහල ගිහින්…

Shiran Viraj

පාන්දර දෙකට තුනට මම ඇඟ පේන්න ඇඳගෙන පාරේ යනවා, පපුවක් ඇරුණාම පුරුදු නෑ. ඒක ටිකක් පේන්න හිටියාම නෝමල් වෙනවා

Shiran Viraj

රජයේ ඡන්ද පදනම සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි

Shiran Viraj
Translate »