mediahumanrights.lk
Local News News

කොළඹ 1/3ක් ලොක් ඩවුන්.. කොළඹ වැටුනොත් රටම හාන්සියි..

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් කොළඹ නගරයේ ජීවත්වන පවුල් වලින් තුනෙන් එකක් ම සිටින ප‍්‍රදේශ හුදෙකලා කර ඇතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

එසේ හුදෙකලා සිටින අයට කර සිටින අයට කිසිම ආදායමක් නැති තත්වයේ පවතින බවත් එනිසා ඔවුන්ට වියලි ආහාර හා මුදල් ආධාර ලබා දීමට කටයුතු කරන්නැයි ද ඇය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

කොළඹ මහ නගර සභා සීමාවන් කොරෝනා ආසාදිතයන් 3410 වාර්තා වී ඇතැයි ද ඇය සඳහන් කළාය.

කොළඹ ඇද වැටුණොත් රටම ඇද වැටෙන බවත් සියලු අභියෝග මැද වුවද ඊට මුහුණ දීමට රජයට කොළඹ නගර සභාවේ සහාය පෙර මෙන්ම ඉදිරියටද ලබාදෙන බවද ඇය තවදුරටත් කියා සිටියාය.

lankacnews

Related posts

අගවිනිසුරුවරයා විශ්‍රාම යයි

Shiran Viraj

මං ජනාධිපති වුනාම වතුර උගුරක් බොන්නෑ.. බත් කටක් කන්නෑ.. ස්වෙච්චාවෙන් වැඩ කරන්නේ..

Shiran Viraj

බ්‍රිතාන්‍යට ගැළවීමක් නැති වෙයි – තවත් ප්‍රහාරයක් එල්ල වෙලා

Shiran Viraj