28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

කැටගොඩ ඉල්ලා අස්වී බැසිල් පාර්ලිමේන්තුවට..? ප‍්‍රබල ඇමති කමකුත්..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇති බවට ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.

එමෙන්ම ඔහු ප්‍රබල ඇමති ධූරයකද ඉන්පසු දිවුරුම් දෙනු ඇතැයි එම වාර්තාවන්හි සදහන් කර ඇත.

ඒ මහතාට පාර්ලිමේන්තු පිවිසීමට ඉඩකඩ සලසා දීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතා දිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

අද ලංකාදීප පුවත්පතද වාර්තා කර ඇත්තේ ජයන්ත කැටගොඩ මහතා අද හෝ හෙට දිනයේදී සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් කියා සිටියේ අද දිනයේ හෝ ආසන්න දිනයක එවන් සූදානමක බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේ යයි තහවුරු කල නොහැකි බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වී වෙනත් අයෙකු එම ධුරයට දිවුරුම් දීමේ වීමේ ක්‍රියාවලියට අවම වශයෙන් දින තුන හතරක් ගත වුනු ඇති බවයි.

පවතින තත්වය මත එය සතියක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගත වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

lankacnews

Related posts

ගල්කිස්සේ සිද්ධියට උත්තර දෙන්න අක්මීමන හිමි පැමිණෙයි

Shiran Viraj

අලූත් අවුරුදු විශේෂ ප‍්‍රවාහන සේවා අදත් – දුම්රිය මගීන්ට අනතුරු ඇගවීම්

Shiran Viraj

ඩීසල් ලීටරයකින් රුපියල් 10ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා…

Shiran Viraj