27.8 C
Colombo
2026-08-03
mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධී ගිනි අවි සමග සැකකරුවන් අත්අඩංගුවට

ප‍්‍රදේශ කිහිපයකදී නීතිවිරෝධී ගිනි අවි සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මෙරට නිෂ්පාදිත ගිනි අවි 03 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගිරිඋල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 50 සහ 53 යන වයස්වල පසුවන ගිරිඋල්ල සහ නාරංගොඩ ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් අද කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

උඩුගම නාකියාදෙණිය ප‍්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උඩුගම පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි නාකියාදෙණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද උඩුගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, කරදියනාරු මාවඩිඔඩ ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අර්ධ ස්වයංක‍්‍රීය ගිනි අවියක් සොයා ගැනීමට කලවංචිකුඩි විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා. අදාළ ගිිනි අවිය ළඟ තබාගත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කරදියනාරු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර, හොරණ මිල්ලණිය රදල්ලගොඩ ප‍්‍රදේශයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.   එම ජීව අත්බෝම්බය සඟවා තැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මිල්ලණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත තුළ සිදු කෙරෙන විශේෂ මෙහෙයුම්වලදී තවත් සැකකරුවන්
497 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යයාලය සඳහන් කළා.

හෙරොයින් සමග සැකකරුවන් 156 දෙනෙකු, නීතිවිරෝධී මත්පැන් සමග සැකකරුවන් 151 දෙනෙකු සහ ගංජා සමග සැකකරුවන් 120 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිසට අයත්. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව එම වැටලීම් කි‍්‍රයාත්මක වනවා.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

බන්ධනාගාරයේ පාටියට නිලධාරීන් තලා පෙලා සල්ලි අරං

Shiran Viraj

රට විවෘත නොකර රුපියල රැක ගන්න බෑ… එහෙම වුනොත් රටට විශාල ප්‍රශ්නයක්..

Shiran Viraj

නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක්.. මෙය ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයයි..- Ceypetco ප‍්‍රධානී

Shiran Viraj
Translate »