2026-07-04
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා අවදානම ඉහළයි – වායුසමීකරණය කළ කාමර වල ගැවසීම සීමා කරන්න යැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

කොරෝනා වෛරසය මේවනවිට සමාජගත වී ඇති බැවින් එය තවදුරටත් පැතිරයාමේ වැඩි ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ හේතුවෙන් සියලූ‍ පුරවැසියන්, සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම මේ මොහොතේ අනිවාර්යයෙන් සිදුකළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වායුසමීකරණය කර ඇති කාමරවල පුද්ගලයින් වැඩිවශයෙන් ගැවසීම මේ මොහොතේ සිදු නොකළ යුතුයි. මේ, අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබද පැහැදිලි කරන ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම.

යම් අයෙකුට ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ළගම ඇති රෝහලට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. එවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් රෝහල කරා යාමේදී පෞද්ගලික ප‍්‍රවාහන සේවයක් භාවිත කරන ලෙයසි මෙහිදී වැඩිදුරටත් ඉල්ලීමක් කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නව මහ බැංකු අධිපති, නව මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කරයි…

Shiran Viraj

පෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

වැලිමඩ රෝහලේ වෛද්‍යවරු වර්ජනයක

Shiran Viraj
Translate »