mediahumanrights.lk
Local NewsNews

ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය

වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙහිදී අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා කියා සිටියේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් මෙම ප්‍රදේශ වලින් වාර්තා වීම සහ ඔවුන්ව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යන තෙක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන තෙක් මෙලෙස ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බවයි. ඇතැම් කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් මෙලෙස ඇඳිරි නිතිය පැනවූ ප්‍රදේශවල සිටින බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ වන විට යුධ හමුදා සාමාජිකයින් ගෙයින් ගෙට ගොස් ආසාදිත පුද්ගලයින්ව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගනිමින් සිටින බව පැවසූ යුධ හමුදාපතිවරයා මිගමුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සේවක සේවිකාවක් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඔවුන්ගේ නිවෙස් වලින් පිටතට නොයන ලෙසත් එම ආයතනයේ සේවකයින් සමග පසුගිය දින 07ක කාලය තුලදී ඇසුරු කළ ආශ්‍රිතයින්ට ද තමන්ගේ නිවෙස් වලට වී සිටින ලෙස යුධ හමුදාපතිවරයා දැනුම් දී සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා කියා සිටියේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ බිරිඳක් ඇයගේ සේවා ස්ථානයට පැමිණීමේ සිදුවීමක් පාවා වාර්තා වූ බව කියා සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය නැවතත්

Shiran Viraj

හේලීස් – සිංගර් ශ්‍රී ලංකා ගනුදෙනුව සම්පූර්ණයි. වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

Shiran Viraj

බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලන්කන් ලොක්කා රුසියානු ගුවන් ගමන් නතර කළා.. ඔහු බටහිර ඒජන්තයෙක්.. සංචාරක කර්මාන්තය ඉවරයි.. – උදයංග වීරතුංග

Shiran Viraj
Translate »