29.5 C
Colombo
2026-10-01
mediahumanrights.lk
NewsPolitical

පාඨලී චම්පිකගේ පාලන කාලයේ ගල් අඟුරු මිළදී ගැනීමේදී රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුවෙලා- කෝප් කමිටුව

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පෙරේදා(6) රැස්වූ කෝප් කමිටුව අනාවරණය කරගත්තේ පාඨලී චම්පික අමාත්‍යයවරයා විසින් සිලෝන් කෝල් කම්පැණි (පෞද්) ආයතනයට ගල් අඟුරු මිළදී ගැනීමේදී ටෙන්ඩර් පටිපාටියේ අත්‍යාවශ්‍යය කාරණයක් වන අවශ්‍යය ගල් අඟුරු ප්‍රමාණය නිෂ්චිතව සඳහන් නොකිරීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුව ඇති බවයි.

තවද කමිටුව හමුවේ වැඩිදුරටත් අනාවරණය වූයේ සිලෝන් කෝල් කම්පැණි (පෞද්) ආයතනය නිවැරැදි ප්‍රසම්පාදන නීති අනුගමනය නොකර කෙටි කාලීන ක්‍රමවේදය අනුගමනය කරමින් මිළදි ගැනීම් විශාල වශයෙන් කර ඇති බවයි.

කෝප් කමිටුවට එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාට අමතරව කමිටු සාමාජිකයන් වන අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ, අමාත්‍යය මහින්ද අමරවීර, රාජ්‍යය අමාත්‍යය නාලක ගොඩහේවා,රාජ්‍යය අමාත්‍යය සරත් වීරසේකර,රාජ්‍යය අමාත්‍යය අජිත් නිවාඩ් කබ්‍රාල් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරුන් වන පාඨලී චම්පික රණවක,එරාන් වික්‍රමරත්න,ජගත් පුෂ්පකුමාර,ප්‍රේමනාත් සී දොලවත්ත,එස් එම් මරික්කාර් සහ රාවුෆ් හකීම් යන මහත්වරු සහභාගි වූහ. සිලෝන් කෝල් කම්පැණි (පෞද්) ආයතනය වෙනුවෙන් එහි ඉහළ පාලන අධිකාරිය සහභාගි වූහ.

lanka lead news

Related posts

‘නොවැම්බර් 12 අනතුරු ඇඟවීම නොසලකා හැරීම පට්ටපල් බොරුවක්’ – අමාත්‍ය නලින්ද ජයතිස්ස චෝදනා ප්‍රතික්ෂේප කරයි

Shiran Viraj

පුංචි ඡන්දය කල් දාන්නේ මෙහෙමයි…

Shiran Viraj

ගෑස් මිලට මොකද වෙන්නේ – ආණ්ඩුව උත්තර දෙයි

Shiran Viraj
Translate »